Sunday, September 22, 2024

General line - 0115112241

 වෛද්‍ය  පාදෙණියට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග 




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ලබන 22 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අද (5)නොතිසි නිකුත් කෙරුණා. 

ඒ, ඉකුත්දා කළ වැඩවර්ජනයකදී කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇතැයි පවසමින් ගොණු කර ඇති නඩුවක් සැලකිල්ලට ගනිමින්. 

මෙම නඩු දිනය දක්වා අධිකරණයට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් නැවත සිදු නොකරන ලෙසට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට අතුරු තහනම් නියෝගයක්ද මෙහිදී නිකුත් කෙරුණා.