Sunday, September 22, 2024

General line - 0115112241

වැඩවර්ජනයෙන් පස්වරුවේ දුම්රිය ගමන් රැසක් නවතියි




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පලකරමින් අද කැඳවා ඇති වැඩවර්ජනයට දුම්රිය වෘත්තීය සමිති සහය පල කිරීම හේතුවෙන් අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් රැසක් අත්හිටුවා තිබෙනවා. 

කෙසේ වෙතත් මගී පහසුව සලකා ප‍්‍රධාන මාර්ගවල දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. 

ඒ අනුව කොළඹ කොටුවේ සිට මාතර , කුරුණෑගල හා රඹුක්කන දක්වා දුම්රියන් කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා. 

දුම්රිය කේෂ්ත‍්‍රයේ ශ්‍රේණි දෙකක නිලධාරීන් වර්ජනයට එක්ව සිටින බවයි ‘‘ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස්’’ දුම්රිය රියදුරු සංගමය ප‍්‍රකාශ කළේ.
 
මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් හා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ජාතික රෝහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා.