Sunday, September 22, 2024

General line - 0115112241

ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි නිවේදිකාව අභාවප්‍රාප්ත වෙයි




මෙරට ප්‍රථම ගුවන් විදුලි නිවේදිකාව ප්‍රභා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වුණා. 

ඒ මහත්මිය අභාවප්‍රාප්ත වන විට 91 වන වියේ පසු වුණා.

අභාවප්‍රාප්ත ප්‍රභා රණතුංග මහත්මිය තිදරු මවක් ද වනවා.  

වෙළද සේවය හා ස්වදේශීය සේවය වශයෙන් ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් ප්‍රථම වරට ආරම්භ වූයේ 1950 වසරේදීයි. 

ඒ අනූවයි ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථම නිවේදිකාව ලෙස ප්‍රභා පෙරේරා මෙනවිය ගුවන් විදුලියට එක්වී තිබෙන්නේ. 

විවාහයෙන් පසුව ඇය ප්‍රභා රණතුංග ලෙස වසර ගණනාවක්ම ගුවන් විදුලි නිවේදිකාවක ලෙස කටයුතු කරමින් ජනහද දිනාගත්තා.