Sunday, September 22, 2024

General line - 0115112241

ඇමති 6කට නව වාහන ගන්න කෝටි 24ක් ඉල්ලයි




අමාත්‍යවරුන් හයකට, ආණ්ඩුකාරවරයෙකුට හා අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 320ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (05) ඉදිරිපත් වුණා.

අමාත්‍යවරුන් හය දෙනා සඳහා වාහන මිලදී ගැනීම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් මුදල රුපියල් මිලියන 240ක්.

මෙසේ නව වාහන ලබා ගැනීමට නියමිත අමාත්‍යවරුන් වන්නේ, විදේශ රැකියා, ජාතික සහජීවනය හා සංවාද, නගර සැලසුම් හා ජලසම්පාදන, නිපුනතා සංවර්ධන, පළාත් සභා හා පළාත් පාලන සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාය.