Sunday, September 22, 2024

General line - 0115112241

ගැටළු නිරාකරණය කරද්දී වර්ජනය කිරීම ගැන ජනපති කනගාටු වෙයි




දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩවර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ මෙම වර්ජනය කැඳවා ඇත්තේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිව යුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර අද පැවති උත්සවයකට එක්වෙමින්. 

එහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ දේශපාලන අවශ්‍යතා මත සිදු කරන මෙම වැඩවර්ජන තුලින් පීඩාවට පත්වන්නන් වරප‍්‍රසාද ලත් පන්තිය නොව රටේ අහිංසක පොදු ජනතාව බවයි. ගැටළුවක් ඇත්නම්  ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරිමේ අවස්ථාව තිබෙන බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.