Sunday, September 22, 2024

General line - 0115112241

යතුරු පැදියෙන් ගිය එස්.අයි අවසන් ගමන යයි




යාපනය, ඉලවාලි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් යතුරුපැදි දෙකෙහි ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා වාංකනී රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී බරපතළ තත්වයේ පසුවු පොලිස්   නිලධාරියා මියගොස් ඇත.

මියගොස් ඇත්තේ චාවකච්චේරි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 33 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.