Sunday, September 22, 2024

General line - 0115112241

මුහුණු වසාගෙන ආ දෙදෙනෙක් පුද්ගලයකු මරා පැන යයි




ගාල්ල - ඉමදූවව දික්කුඹුර හන්දිය අසලදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි ගම්මන්පිලවත්ත අන්දුගොඩ දික්කුඹුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

තම දරුවා සහ අසල්වැසි දරුවන් දෙදෙනෙකු ත‍්‍රීරෝද රථයකින් පෞද්ගලික පන්තියකට රැගෙන යමින් සිටියදී මුහුණු ආවරණය කර ගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ. එහි දී තුවාල ලැබූ සැකකරු කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිට ඔහු මිය ගොස් සිටි බවයි වෛද්‍යවරුන් ප‍්‍රකාශකර ඇත්තේ.

දෙපාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගාල්ල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.