Sunday, September 22, 2024

General line - 0115112241

වෛද්‍යවරු අඛන්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි! දුම්රියේත් සහය




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ඊයේ ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය අද උදෑසන අටට අවසන් වුණා. ඒ අනූව මේ වනවිට සියලූම රෝහල්වල කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් පැවසුවේ.  

ඉදිරියේදී සිය සංගමය ඉල්ලීම් දෙන තුරුම ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයකට යොමු වීමේ ක්‍රියාමාර්ගයකට යාමට අපේක්ෂා කරන බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය ලබන අඟහරුවාදා අනුලබනු ඇති බවත්  වෛද්‍ය නලින්ද හේරත් පැවසුවා.

මේ අතර දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ක‍්‍රියාත්මක කළ වර්ජනය ද මේ වනවිට අවසන්කර තිබෙනවා. දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට එල්ලවූ බලපෑම් හේතුවෙන් අද උදෑසන අටෙන් අවසන්වීමට තිබූ වැඩවර්ජනය දීර්ඝ කිරීම කෙරෙහි එම සංගම් දෙකේ අවධානය යොමුව තිබුණා. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් සමග පෙරවරුවේ පැවති සාකච්ඡාවලින් පසු වර්ජනය නතර කළ බවයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් පී එම් පී පීරීස් නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

සිය ඉල්ලීම් ඉටු නොවුවහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.