Sunday, September 22, 2024

General line - 0115112241

ස්තුතියි.. - අගමැති හරීන් සමග බදුලු ගිහින් රාජ්‍ය සේවකයාට තුති පිරිනැමූ හැටි (VIDEO)




ආණ්ඩුව පෙරළා දැමීමෙන් රටේ ප‍්‍රශ්න විසඳාලිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

වෘත්තීය සමිති අරගල මගින් ආණ්ඩුව පෙරළා දැමීමට ඉඩ ලබා දෙන්නේ ද නොමැති බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමගින්  බදුල්ලේ සංචාරය කළ අතර   onix හෝටලයේ ශ්‍රවණාගාරයේ දී එක්සත් ජාතික පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් ද පවත්වනු ලැබුවා.

එහිදී  අගමැතිවරයා මේ බව කියා සිටියා.

මෙහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ ඊයේ දින රාජකාරි කළ රාජ්‍ය සේවකයන්ට තමන් ස්තුති කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් ඇමතූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ ගමෙන් රැකියා ලබාදීමේ වැඩසටහන් රැසක් අරඹන බවයි.

තමන්ට ලැබෙන අමාත්‍යංශයේ රැකියා දීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි  බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු