Sunday, September 22, 2024

General line - 0115112241

පාදෙණියගෙන් සමාව ගත් බව කියන රන්ජන්ගේ ගිණුම හොර එකක් 




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ෆේස්බුක් පිටුවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.


තමන්ගේ මෙන් ට්විටර් ගිණුමක් සකස් කර ව්‍යාජ ට්විටර් පණිවිඩයක් සමාජ ගත කල බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මාලබේ නැමැති FB පිටුවට එරෙහිව මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැමිණිලි කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් තමන් සමාව ඉල්ලන බව සඳහන් අසත්‍ය ට්විටර් පණිවිඩයක් සකසා ප්‍රචාරය කර ඇති බව පවසමින්.

සකසන ලද ව්‍යාජ ට්විටර් පණිවිඩය සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.