Sunday, September 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර මහේලට දෙන සුදානමක් 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා හිටපු නායක මහේල ජයවර්ධන එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිඛෙනවා. 

ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. 

මෙවර අයි පී එල් තරගාවලියේ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ධුරය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි දස්කම් දැක්වීමට සමත්ව සිටිනවා. 

ඔවුන් මේ වනවිට අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ තරග 10න් තරග 08ක් ජය ගනිමින් පසුවන්නේ ප්‍රථම ස්ථානයේයි. 

මහේල ජයවර්ධනගේ අත්දැකීම් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයට හේතු වී තිඛෙනවා. ඒ අනුවයි ඔහුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ. 

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, මහේල ජයවර්ධන සමග එක්ව සැලසුම් සකස් කිරීමට මෙහිදී අවධානය යොමුව තිඛෙනවා.