Sunday, September 22, 2024

General line - 0115112241

මීතොටමුල්ලේ ජනතාවගේ නිවෙස් යළි අවදානමක




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමත් සමග අවදානම් කළාපයේ ජීවත් වූ පවුල් රැසක් මේ වනවිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටිනවා. 

එහෙත් තමන්ගේ නිවාසවලට විධිමත් ආරක්ෂාවක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මීතොටමුල්ල කසල කන්ද අවට රාජකාරියේ නියුතු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට අයත් උපකරණ කිහිපයක් ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බව ප‍්‍රදේශවාසීන් පැවසුවා. 

මේ නිසා ප‍්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් අවධානයක් යොමු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දුන්නේ. 

කසල කන්ද සම්බන්ධයෙන් රාජයේ බලධාරීන් මෙතෙක් තමන්ට නිසි විසදුම්ක් ඉදිරිපත්කර නොමැති බව ද ඔවුන් ප‍්‍රකාශ කළා.