Sunday, September 22, 2024

General line - 0115112241

මැයි රැළියෙන් පසු ඒකාබද්ධ විපක්ෂය තවත් සටනක් අරඹයි




පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි බල කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමේ සටනක් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ සටන මෙය වන බවයි. 

ඒ වෙනුවෙන් රට පුරා ජනතාව දැනුවත් කරමින් උද්ඝෝෂණ මාලාව සිදුකරන බව මන්ත‍්‍රීවරයා සඳහන් කළා. 

ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියට ඉකුත්දා ලබා දුන් අධිකරණ නියෝගය පාදක කර ගනිමින් පාර්ලිමේන්තුව තුළ සිටින එවැනි මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් සහ රජයේ ඉහළ තනතුරු දරන එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නැයි මන්ත‍්‍රීවරයා මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.