Sunday, September 22, 2024

General line - 0115112241

චීන නෞකාවකට වෙඩි තැබීමේ සිද්ධිය කටකතාවක්




ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී චීන නෞකාවකට වෙඩි තැබූ බවට පලවන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. 

එහි ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් පමණක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකර ඇති බවයි. 

එම තොරතුරු පදනම් කර ගනිමින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ද ඒ පිළිබඳ පිළිගත හැකි තොරතුරක් වාර්තා නොවූ බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. 

චීන නෞකාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ලවී ඇති බවත් එය ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී සිදුව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.