Sunday, September 22, 2024

General line - 0115112241

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි




දිවයිනේ බොහේ පළාත්වලට පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දකුණු සහ බස්නාහිර පළාතේ වෙරළ ප‍්‍රදේශවල උදෑසන කාලයේ ද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ දකුණ පළාත්වල ද තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව සඳහන්. 

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 

මන්නාරම් බොක්ක මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය විටක පැයට කිලෝමීටර් 40 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.