Sunday, September 22, 2024

General line - 0115112241

පන්දහසේ නෝට්ටුව රැගෙන බන්දුල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි




මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සනින් යුත්  මුදල් නෝට්ටු සඳහා වලංගු භාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් නීතිමය අර්ථකථනයක් ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. 

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් මහබැංකු අධිපතිවරයාට ශ‍්‍රී ලාංකීක පුරවැසි භාවයක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටළුව මතුවන බවයි. 

ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියට ලබා දුන් අධිකරණ තීන්දුවත් සමග මෙම ගැටළුව තවත් උග‍්‍ර වූ බවයි ඔහු සඳහන් කළේ. 

මේ වනවිට සංසරණයේ පවතින රුපියල් පන්දහසේ සහ රුපියල් සියයයේ මුදල් නෝට්ටුවලට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තබා තිබෙනවා. 

එම නිසා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමක් සිදු කරන බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ.