Sunday, September 22, 2024

General line - 0115112241

මත්කුඩු ජාවාරම සිදුකල 21 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට




හෙරෝයින් ග‍්‍රෑම් 07 යි මිලි ග‍්‍රෑම් 380ක් ළඟ තබා ගෙන සිටි 21 හැවිරිදි තරුණියක් දෙහිවල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඇය සතුව තිබී රුපියල් හැට එක් දහසක මුදලක් ද සොයා ගැණුනා. 

එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයෙකුගේ නමින් රුපියල් හතලිස් දහසක මුදලක් බැංකුවක තැන්පත් කළ රිසිට් පතක් ද සොයා ගැණුනා. 

රිමාන්ඞ් භාරයේ සිටින වසන්ත නැමැති පුද්ගලයෙකු විසින් තමන්ට මත්කුඩු ලබා දෙන බවත් ඒ අනූව තමන් මෙම ජාවාරම සිදුකරන බවත් ප‍්‍රශ්න කිරීම් හමුවේ ඇය ප‍්‍රකාශකර තිබෙනවා. 

සැකකාරිය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.