Sunday, September 22, 2024

General line - 0115112241

මහින්දගේ තවත් ආරක්ෂකයින් 50ක් ඉවතට




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිසියේ තවත් පනස් දෙනෙකු අද (07) ඉවත් කර තිබෙනවා.

ඒ අතරට පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙකු හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් තිදෙනෙකු ද ඇතුළත්. සෙසු 39 දෙනා පොලිස් කොස්තාපල්වරුන්. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ගණන 199ක්. මීට පෙර ඉන් හතළිස් දෙදෙනෙකු ඉවත් කෙරුණා. අද ඉවත් කළ පොලිසියේ 50 දෙනාත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට දැන් සිටින්නේ පොලිස් නිලධාරීන් 107 දෙනෙකු පමණයි.