Sunday, September 22, 2024

General line - 0115112241

නව ආයෝජකයාත් ශ‍්‍රී ලංකන් අතහරී - අලුත් සමාගමක් සොයන්න ආණ්ඩුවෙන් සැලසුම්




ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට නව ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා ආණ්ඩුව යළි කටයුතු කරමින් සිටිනවා. 

ඒ, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනය සඳහා තෝරාගෙන තිබූ පෞද්ගලික සමාගම ඉන් ඉවත්වීමට තීරණය කිරීම හේතුවෙන්. 

මෙම සමාගම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස පවත්වාගෙන යාම සඳහායි එකඟ වී සිට ඇත්තේ. 

ඔවුන්ගේ ඉවත්වීම හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා නව ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා අලූත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමටයි ආණ්ඩුවට දැන් සිදුව ඇත්තේ. 

මීට බලපෑ හේතු කවරේදැයි නෙත් නිවුස් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්නගෙන් ප‍්‍රශ්න කළා. 

ගුවන් සේවා සමඟ ඍජු සබඳතා වර්ධනය කර ගැනීමට දැන් ආණ්ඩුවට සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. 

මීට වසර 15කට පෙර එමිරේට්ස් සමාගම සමඟ ඇතිකර ගත් ගනුදෙනුව මෙන් නව සබඳතාවක් ඇතිකර ගැනීමට දැන් හැකියාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ. 

වර්තමානයේ පවතින වෙළඳපොල තත්වයන් ඊට හේතුව බවයි ඉරාන් වික‍්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.