Sunday, September 22, 2024

General line - 0115112241

මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම කුමන්ත‍්‍රණයක්දැයි ඒකාබද්ධ විපක්ෂය සැකයෙන්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් ඉවත් කිරීම කුමන්ත‍්‍රණයක් විය හැකි බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දිගින් දිගටම ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ මතය කුමක්දැයි ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා මෙහිදී ප‍්‍රශ්න කළා.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයක දී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

සියලූ ආරක්ෂකයින් ඉවත් කළ තමා ජනතාව හමුවට යන ගමන නතර නොකරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප‍්‍රකාශ කළේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිසියේ තවත් පනස් දෙනෙකු ඊයේ ඉවත් කළා. 

මීට පෙර ඉවත් කළ ගණන 42ක්. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට දැන් සිටින්නේ පොලිස් නිලධාරීන් 107 දෙනෙකු පමණයි.