Sunday, September 22, 2024

General line - 0115112241

අද පස්වරුවේත් දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි




අද (08) පස්වරු දෙකෙන් පසුවද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි ඇති විය හැකි කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප‍්‍රදේශවල උදෑසන කාලයේ ද වැසි ඇති විය හැකි බවයි. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කෙරෙනවා. 

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ද තැනින් තැන වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.