Sunday, September 22, 2024

General line - 0115112241

ප‍්‍රදේශ කිහිපයක කාන්තා ඝාතන 03ක්




ප‍්‍රදේශ කිහිපයක සිදු වූ කාන්තා ඝාතන 03ක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

ගම්පොළ දී මූ ජයරත්න ජාතික උරුම ශාලාවේ දී කාන්තාවකට පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 

කලක සිට පැවති පවුල් ආරවුලක් ඝාතනයට හේතු වී තිබුණා. 

ඕපනායක නගරයේ වෙළඳසැලක් තුළ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඝාතනයට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 

අනෙක් ඝාතනය සිදුව තිබුණේ හබරණ අලූත්ඔය ප‍්‍රදේශයේදීයි. 

සැමියා කළ පහරදීමකින් එහිදී ඝාතනය වී තිබුණේ 28 හැවිරිදි කාන්තාවක්. 

පහරකෑමෙන් තුවාල ලැබූ ඇය කුඩා ලොරි රථයක දමා රැගෙන යමින් සිටිය දී පහරදුන් සැමියා අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පැවසුවා. 

තුවාල ලැබූ කාන්තාව හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.