Sunday, September 22, 2024

General line - 0115112241

මහින්දගේ ආරක්ෂකයින් 50ක් ඉවත් කිරීම නවතියි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් 50 දෙනෙකු ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර තිබෙනවා. 

නෙත් නිවුස් කළ විමසීමක දී ඇමති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ පිළිබඳ තහවුරු කළා. 

ඒ අනුව තවදුරටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 157 දෙනෙකු සේවයට යොදවනු ඇති. 

නෙත් නිවුස් කළ විමසීමක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත් ලොකුබණ්ඩාර පැවසුවේ පොලිස් නිලධාරීන් 50 දෙනා ආරක්ෂක කටයුතුවලින් ඉවත් නොකරන බවට දැනුම් දුන් බවයි. 

ඉකුත් සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් හතළිස් දෙදෙනෙකු ඉවත් කෙරුණා.