Sunday, September 22, 2024

General line - 0115112241

කින්නියා සිසුවෙකුගෙන් අභිරහස් පුද්ගලයෙකු රුධිරය ගැනීම ගැන වාර්තාවක් අධිකරණයට




කින්නියා පාසලක සිසුවෙකුගෙන් නාදුනන පුද්ගලයෙකු විසින් රුධිර සාම්පලයක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් සිටිනවා. 

පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රීකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. 

පාසලේ විවේක කාලයේ දී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු තම පුත‍්‍රයාගේ ඇඟිල්ලකින් රුධිර සාම්පලයක් ලබාගෙන ඇති බවටයි සිසුවාගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ. 

මෙම සිසුවා ත‍්‍රීකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ පාසලක හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිනවා. 

රුධිර සාම්පලය ලබා ගැනීමේ සිද්ධියෙන් පසු සිසූවා ත‍්‍රීකුණාමල මහ රෝහලට ඇතුළත් කෙරුණා. 

සිසුවාගෙන් ලබාගත් රුධිර සාම්පලයක් රෝහලේ ඒඞ්ස් මර්දන අංශයට යොමුකර ඉදිරි පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් රුධිර සාම්පලය ලබාගත් පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.