Sunday, September 22, 2024

General line - 0115112241

උදයංග ගොනු කළ පෙත්සම සළකා බැලීමට දින දෙයි




රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු මස 28 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීරණය කළා.

හිටපු තානාපතිවරයා මෙම පෙත්සම  ගොනු කර ඇත්තේ තමාට එරෙහිව අන්තර්ජාතික පොලිසිය හරහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්. 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචා සම්බනධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ඔහුට වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් 20 වැනිදා මෙම වරෙන්තුව නිකුත් කෙරුණා.