Sunday, September 22, 2024

General line - 0115112241

දූෂණ මර්දන කමිටු කාර්යාලය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්




අග‍්‍රාමාත්‍ය කාර්යාලය යටතේ  පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ කාර්යාලය සම්බන්ධයෙන් ඉකුත් සතියේදී මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් වාර්තා වූ බවයි.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015 වසරේදී ස්ථාපිත කෙරුණා. ඊට ලැබෙන පැමිණිලි අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව වෙත හෝ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරුණු බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එම කාර්යයන් විධිමත් කරලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ  දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය යන ආයතන 03 ම නියෝජනය කරන නිළධාරීන් ඇතුළත් කමිටුවක් විසින් වාර්තාවක් සකස් කරමින් පවතින බවද පෙන්වා දෙනවා. 

ඒ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ අදාළ වාර්තාව අනුව තීරණය කරන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රකාශ කළේ.