Sunday, September 22, 2024

General line - 0115112241

පොලිසිය ඇල්ලූ ආයුධ වාර්තාවක් එළියට




නීති විරෝධී ගිනි අවි පොලිස් භාරයට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක‍්‍රියාත්මක විම නිසා මනුෂ්‍ය ඝාතන සිද්ධීන්වල සැළකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බව ශ‍්‍රි ලංකා පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පෙන්වා දෙන්නේ ඉකුත් 2016 වසරේදි නීති විරෝධී ටී 56 වර්ගයේ ගිනි අවි 25ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

ස්වයංක‍්‍රීය පිස්තෝල 80ක්, රිපීටර් ගිනි අවි 80ක්, බෝර 12 වර්ගයේ තුවක්කු 60ක් සහ බඳින තුවක්කු 284ක් ද ඉකුත් වසර තුළදි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම කාල සීමාව තුල දී ජීව අත්බෝම්බ 280ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ.

මෙම ගිනි අවි සහ අත්බෝම්බ සමග සැකකරුවන් 434 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියා මාර්ග ගෙන තිබෙනවා.

මුළු දිවයිනම ආවරණය වන පරිදී මෙම මෙහෙයුම් ක‍්‍රියාත්මකයි. සැකකටයුතු ගිනි අවි සම්බන්ධ තොරතුරක් වේ නම් 0112 - 451 354 හෝ 0112 -451 397 යන දුරකතන අංකවලින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත පැමිණිලි කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළා.