Sunday, September 22, 2024

General line - 0115112241

හෙට තීරණාත්මකයි - GMOA මතක් කරයි




රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (09) පැවැත්වෙනවා.

ඒ, මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගත හැකි ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ අදහස් දැක්වමින් සඳහන් කළේ රජයේ සහ පාලකයින්ගේ හැසිරීම මත රටේ ඉදිරි අනාගතය තීරණය වෙනු ඇති බවයි. 

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් ද අදහස් දැක්වූවා. ඔහු සඳහන් කළේ ඉදිරියේදී අධිකරණමය ක‍්‍රියාමාර්ගවලටද යොමු වන බවයි.