Sunday, September 22, 2024

General line - 0115112241

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාව දැඩි කෙරේ




වෙසක් සිරි නැරඹීමේදී තමන් සමග සිටින කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩි  අවධානයක් යොමු කරන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ හැකි සෑම අවස්ථාවකදීම මාර්ග තදබදය පවතින ස්ථානයන් ඔස්සේ රිය ධාවනයෙන් වැළකී සිටින ලෙසයි.

වෙසක් සමය තුළ මාර්ග භාවිත කරන පදිකයන්ට සහ රියදුරන්ට හිරිහැරවන පරිදී යතුරු පැදි ධාවනය නොකරන ලෙස ද ඉල්ලීමක් කෙරුණා. එලෙස අන්අයට හිරිහැරවන ලෙස යතුරුපැදි ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

වෙසක් උත්සව සමයේ කොළඹ නගරයේ රථ වාහන පාලනය සඳහා වැඩි පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

එමෙන්ම ආරක්ෂක රාජකාරී සඳහා ද සිවිල් ඇඳුමින් සැරසුණු නිළධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ.