Saturday, December 21, 2024

General line - 0115112241

පිළිකා රෝගීන්ට තවත් ඖෂධයක්




පිිළිකා රෝගීන් වෙනුවෙන් ඇති තවත් ඖෂධයක් මෙරට වෙළඳ පොළට හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ඖෂධය මීට පෙර භාවිත කළ ඖෂධවලට වඩා මිලෙන් අඩු බවයි. අනුරාධපුර හෙද විදුහල් ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පිළිකා රෝගි්න් සඳහා ලබා දෙන එක් ඖෂධයක් බහු ජාතික සමාගමක් විසින් රෝහල්වලට සපයනු ලබනවා. තවත් ඖෂධයක් රුසියාවෙන් ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සමාගම් විසින් සිදු කරනු ලබන ඖෂධ කොල්ලයට තමන් කෙසේ හෝ මුහුණ දෙන බවද අමාත්‍ය රාජිත සේනාරතත්න එහිදි අවධාරණය කළා.