Sunday, September 22, 2024

General line - 0115112241

අවසන් තීරණය ගන්න එජාපය විශේෂ කමිටුවක් පත් කරයි




ඉදිරි පළාත් පාලන මැතිවරණය කුමන ක‍්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ. පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් ගේ ප‍්‍රධානත්වයෙන්.

ඊයේ (08) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගැණුනු බවයි වාර්තා වන්නේ. ඒ අනුව ලබන සිකුරාදා අදාළ කමිටුව රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති.

මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව පක්ෂයේ ස්ථාවරය ඇතුළත් වාර්තාවක් සකස් කර එය පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාර දීමටයි ඊයේ තීරණය කෙරුණේ. 

මේ අතර, කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමෙන් පසු පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මාධ්‍ය හමුවේ  අදහස් පළකළා. එහිදී ඔවුන් සඳහන් කළේ පක්ෂය ඉදිරි මැතිවරණ දෙකක් සඳහා සූදානම් කිරීම පිළිබඳව මූලික සාකච්ඡා පැවැති බවයි.

මෙම කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත්කරනු ඇති බවට මිට පෙර වාර්තා වුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු කරුණක් ඊයේ පැවති කෘත්‍යාධිකාර මණ්ඩල රැස්විමේදී සාකච්ඡා වී නැහැ.