Saturday, December 21, 2024

General line - 0115112241

දන්සල් ලියාපදිංචිය අදින් අවසන්




වෙසක් උත්සවය වෙනුවන් සංවිධාන කෙරෙන දන්සැල් ලියාපදිංචි කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා.

සමස්ත ලංකා සුව සේවා සංගමයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක අනෝජ් ලංකා වාස් සඳහන් කළේ එලෙස ලිියාපදිංචි කෙරුණු දන්සල්වලට අදාළ පෙර පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. 

දන්සල් පවත්වාගෙන යාම සඳහා නිර්ණායක ප‍්‍රමාණයක් හඳුන්වා දී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

දන්සල්වලින් ඉවතලන අපද්‍රව්‍ය නිසි පරිදී බැහැර කිරිම සම්බන්ධයෙන්ද සංවිධායකයින් අවධානය යොමු කළ යුතු බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක අනෝජ් ලංකා වාස් සඳහන් කළා.