Saturday, September 21, 2024

General line - 0115112241

සීලසුව අරණ පිං බිමේ ධාතු නමස්කාරය අදත් - තවත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සීලසුව අරණ පිං බිමට (PHOTOS)




බක්කුල මහසෑයට මුල්ගල් තැබීම වෙනුවෙන් සංවිධාන කෙරෙන ධාතු නමස්කාරය හොරණ දික්හේනපුර සීලසුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයේදී අද (12) දිනය පුරාත් පැවැත්වෙනවා. 

ඊයේ රාති‍්‍රයේද අතිවිශාල සැදැහැවතුන් පිරිසක් ධාතු නමස්කාරයට එක්වූ  බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

විසා නැකතින් බක්කුල මහසෑයේ ඉදිකිරීම් සදහා මුල්ගල් තැබුණේ ඉකුත් වෙසක් පුන් පොහෝදා පස්වරුවේයි. 

මේ අතර අද පස්වරුවේද විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. 

පස්වරු 6 ට පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් සිදුකරනු ලබන පහන්කන්ද ආශිර්වාද පූජාව  දික්හේනපුර සීලසුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයේදී සිදු කෙරෙනවා. 

මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් සිදුකරන විශේෂ ධර්ම දේශණාව ආරම්භ වන්නේ රාතී‍්‍ර 9 ටයි. නෙත් එෆ් එම් රේඩියෝව හරහා මෙම වැඩසටහන් සජීවීව විකාශය කෙරෙනවා.

(ධාතු නමස්කාරය සදහා පැමිණි සැදැහැවතුන් කිහිප දෙනෙකුද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වුවා.)

-------------------------------------------------

ලංකා ඉතිහාසය වෙනස් කරමින් හොරණදි  ඉදිවන බක්කුල මහා සෑයේ මුල්ගල් තැබීමට සියල්ල සූදානම් (UPDATE 09-05- 08.20AM)

හොරණ දික්හේන පුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදිකිරීමට නියමිත බක්කුල සෑ රඳුන් වෙනුවෙන් මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවයට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

(හොරණ විද්‍යාරතන මහ පිරිවෙනේ සිට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙත් නිවුස් වාර්තාකරු) 

--------------------------------------------------------------------------------------

බක්කුල මහා සෑයේ ඉදිකිරිම් වෙනුවෙන් සිදු කෙරෙන පිංකම් මාලාව අද සිට (UPDATE 09-05-2017 6.06AM)

බක්කුල මහා සෑයේ ඉදිකිරීම් සඳහා මුල් ගල් තැබීමට සමගාමීව සිදු කෙරෙන පිංකම් මාලාව අද (09) ආරම්භ කෙරෙනවා.

ඒ, අද පස්වරුවේ සිදු කෙරෙන විශේෂ ආශිර්වාද පූජාවකින් සහ සොළොස්මස්ථාන වන්දනාවකින්.

මෙම පිංකම් මාලාව ආරම්භ කෙරෙන්නේ හොරණ විද්‍යාරතන මහ පිරිවෙනේදියි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සඳහන් කළේ අද පස්වරුවේ මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් හොරණ විද්‍යාරතන මහ පිරිවෙන් විහාරස්ථානයේදී විශේෂ බෝධි පූජාවක් පැවැත්වීමට නියමිත බවයි. රාත්‍රි 7.00 සිට ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් විශේෂ ධර්මානුසාසනාවක්ද සිදු කෙරෙනවා. රාත්‍රි 8.00 සිට ගනේකන්දේ චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් සොලොස්මස්ථාන වන්දනා විශේෂ පූජාමය වැඩසටහනක් පැවැත්වීමටද සූදානම් කර තිබෙනවා.

හෙට (10) වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ නෙත් එෆ් එම් ස්වේත පූජා පිංකම් මාලාව පැවැත්වෙන්නේද හොරණ විද්‍යාරතන මහ පිරිවෙන් විහාරස්ථානයේදීයි. එදින පස්වරුවේ විසා නැකැතින් බක්කුල මහා සෑයට මුල් ගල් තැබීමට නියමිතව තිබෙනවා. ඒ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේගේ අනුසාසකත්වයෙන් ඉදිකරනු ලැබූ හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පිං බිමේදීයි. එතැන් පටන් එළඹෙන 13 වැනිදා දක්වා විවිධාකාර පිංකම් රැසක් ද සංවිධානය කර තිබෙනවා.

මේ අතර, බක්කුල මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය ලබාදීමට ඔබටත් අවස්ථාව උදා කර දී තිබෙනවා.

(ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හොරණ දික්හේන පුර සිල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානාධිපති පුජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්.)

බක්කුල මහා සෑයේ ඉදිකිරිම් සඳහා මූල්‍යාධාර ලබා දීම වෙනුවෙන් බැංකු ගිණුම් 02ක් විවෘත කර තිබෙනවා. ඉන් එක් ගිණුමක් විවෘත කර ඇත්තේ අතුරුගිරිය සම්පත් බැංකු ශාඛාවේයි. 

‘‘බක්කුල මහා සෑය‘‘ යන ගිණුමේ නමින් 0067 6000 0076 යන ගිණුම් අංකයෙන් මුදල් ආධාර තැන්පත් කළ හැකියි.

ඊට අමතරව ‘‘බක්කුල මහා සෑය‘‘ යන නමින්ම ලංකා බැංකුවේ අගනුවර ශාඛාවේද ගිණුමක් විවෘත කර තිබෙනවා. 80 101 773 යන ගිණුම් අංකයෙන් ඊට මුදල් ආධාර තැන්පත් කළ හැකියි. 

මේ අතර, බක්කුල මහා සෑයේ ඉදිකිරිම් සඳහා ශ‍්‍රම දායකත්වය ලබා දීමටද අවස්ථාව ලබා දි තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් පැහැදිළි කළා. 

(එම හඬපටය පහතින් දැක්වෙයි)