Sunday, September 22, 2024

General line - 0115112241

ඇමතිවරු පිරිසක් හදිසියේ අරලියගහ මැදුරට රැස් වෙයි




ආණ්ඩුවට එරෙහිව සිදු කෙරෙන වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට කෙසේ මුහුණ දිය යුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් ඊයේ (08) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ. මංගල සමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරල, රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා සහ රුවන් විජේවර්ධන යන අමාත්‍යවරුන් ඊට එක්ව සිටියා.

වැඩවර්ජන සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලුදෙනා එකම මතයක් දැරිය යුතු බවටයි මෙහිදී සාකච්ඡා කෙරුණේ.

අමාත්‍යවරුන් විවිධ මත දැරීම රජයේ කටයුතුවලට හානිදායක වන බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා. 

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී නැති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ද මීට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වි ඇති බවද වාර්තා වුණා.