Sunday, September 22, 2024

General line - 0115112241

උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් උතුරු පළාත් සභාව වටලයි




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට විරෝධය පළ කරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පළාත් සභාව ඉදිරිපිට අද (09) උදැසන විරෝධතාවක නිරත වුණා.

මේ නිසා ප‍්‍රධාන අමාත්‍යවරයාට පළාත් සභාවට පැමිණිීමට හෝ නොහැකි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විශාල පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටිනවා. එමෙන්ම පළාත් සභා සැසිවාරයට සහභාගීවීම සඳහා පැමිණ සිටි තවත් මන්ත්‍රිවරු පිරිසකුත් පළාත් සභා සංකීර්ණයෙන් පිටතට පැමිණීමට නොහැකිව සිර වී සිටිනවා.

උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් මෙලෙස 72 වැනි දිනටත් අද  උපවාසයේ නිරතවනවා. ඊට සහය පළ කරමින් උතුරු පළාතේ තවත් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විරෝධතා දක්වමින් සිටිනවා.