Sunday, September 22, 2024

General line - 0115112241

වෙසක් සමයේ බෞද්ධ ප‍්‍රතිපත්තීන්ට අගෞරව වන සියලූ සංදර්ශනවලට එරෙහිව  නීතිමය පියවර 




වෙසක් සමය තුළ බෞද්ධ ආගමික ප‍්‍රතිපත්තීන්ට අගෞරව වන ලෙස සිදු කරන සියලූ සංදර්ශනයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. 

පොලිසිය පැවසුවේ ඔළුබක්කන් නැටවීම වැනි ක‍්‍රියාවන් ඇතැම් ප‍්‍රදේශවල සංවිධාන කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. 

එවැනි සංදර්ශන සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ.