Sunday, September 22, 2024

General line - 0115112241

විදේශීය සංචාරකයෙකුගේ මුදල් වංචා කළ අයෙකු රිමාන්ඞ්




මෙරටට පැමිණි විදේශීය සංචාරකයෙකුගේ රුපියල් අනූදහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු මැයි මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, අදාළ සැකකරු කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. 

මෙරටට පැමිණි නවසීලන්ත ජාතිකයෙකුට මාර්ගෝපදේශන ලබාදුන් පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ. 

අදාළ නවසීලන්ත ජාතිකයා ඒ ටී එම් යන්ත‍්‍රයකින් රුපියල් දස දහසක් ලබාගැනීමට යාමේදී සැකකරු රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන ඉන් රුපියල් අනූදහසක් වංචා කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.