Sunday, September 22, 2024

General line - 0115112241

ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෙරට පැවැත්වීමට හේතුව ජනපති හෙළි කරයි




බුද්ධාගම සම්බන්ධයෙන් රජයට විරුද්ධව ගෙන යන සියලු ප‍්‍රචාරයන් තමා දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙල බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව මෙන්ම සුරක්ෂිතතාව පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනූවම රජයේ වගකීම් ඉටු කිරීමට කැපවී සිටින බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල - අපේ ගම පරිශ‍්‍රයේ පැවති රණවිරු නිවාස හා ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමින්.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල මෙවර ශ‍්‍රී ලංකාවේ උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවිඩය ලොව පුරා ගෙන යාමේ අරමුණින් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.