Sunday, September 22, 2024

General line - 0115112241

වෙසක් සමයේ යතුරුපැදි ධාවකයින් ගැන පොලිසිය සීරුවෙන්




වෙසක් සමය තුළ මහජනතාවට අවහිරයක් වන ලෙස රථ වාහන පදවන පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීම සදහා වැටලීම් සිදු කරන බව පොලිසිය පවසනවා.

විශේෂයෙන්ම යතුරුපැදි ධාවකයින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයින්ට මෙන්ම සෙසු රියදුරන්ට ද අවහිරයක් වන පරිදි යතුරුපැදි ධාවනය කරන අයුරු ඊයේ දිනය පුරා දැකගත හැකි වුණා.

එවැනි යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාල අංශ දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ. 

මීට අමතරව බුදු දහමට අපහාසයක් වන අයුරින් සිදු කෙරෙන ඇතැම් සැරසිලි සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි පොලිසිය පැවසුවේ.