Sunday, September 22, 2024

General line - 0115112241

ශ්‍රී පාද වන්දනා සමය අවසන් කරමින් සදාතුක කරඩුව සහ සමන්දේව ප්‍රතිමාව උඩමළුවේ සිට ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයට (PHOTOS)




2016 -2017 ශ්‍රී පාද වන්දනා සමය ඊයේ මධ්‍යම රාත්‍රීයෙන් අවසන්වීමත් සමග උඩමළුවේ තැන්පත්කර තිබූ සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත පෙරහැරකින් අද වැඩම කළා. 

ඒ රත්නපුර පලාබද්ද මාර්ගය ඔස්සේයි. 

ශ්‍රී පාද උඩමළුවේ දහවල් පැවති සම්බුද්ධ පූජාවෙන් අනතුරුව තවත් සමන්දේව ප්‍රතිමාවක් සහ දේවාභරණ උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවීමට නියමිතයි.