Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දීය අගමැති ගංගාරාම විහාරයේ විශේෂ පිංකමකට එක්වෙයි (PHOTOS)




ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද රාත‍්‍රියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ පිංකමකට සහභාගී වුණා.

ශ‍්‍රි ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගී වීම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප‍්‍රධාන අරමුණයි. 





 

-----------------------

ඉන්දීය අගමැති ලංකාවට පැමිණෙයි

(2017-05-11 17:52)

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණියා.

අප ගුවන්තොටුපල වාර්තාකරු  සඳහන් කළේ අද (11) පස්වරු 5.40 ට ඉන්දීය අගමැතිවරයා කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙන්ම මැති ඇමතිවරුන් රැසක් ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ. 

ඉන්දියාවට අයත් විශේෂ ගුවන්යානයකින් නරේන්ද්‍ර මෝදි දිවයිනට ළගාවු අතර ඔහු සමග 65 කින් යුත් දුත පිරිසක් ද පැමිණ සිටින බවයි සඳහන් වන්නේ. 

අද රාත‍්‍රියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ පිංකමකටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී විමට නියමිතයි.