රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු සෙබළෙකුට අද (12) මරණ දඩුවම නියම කෙරුණා. ඒ, අනුරාධපුර මහාධිකරණය විසින්.
2007 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදින හෝ ඊට ආසන්න දිනයක හොරොව්පොතාන, කපුගොල්ලෑවේදී මෙම ඝාතනය සිදුව තිබෙනවා. රාජකාරී සදහා නිකුත් කර තිබූ ටී 56 ගිනි අවියෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අධිකරණයේදී තහවුරු වූයේ.