හොරණ, දික්හේනපුර, සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී සිදු කෙරෙන ධාතු නමස්කාරය සදහා සැදැහැවතුන් විශාල පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා. දුරබැහැර ප්‍රදේශවල සැදැහැවතුන්ද මෙම අවස්ථාවට එක්ව සිටිම විශේෂත්වයක්.
ධාතු නමස්කාරයට සමගාමීව හොරණ දික්හේනපුර සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ පහන් කූඩු ප්රදර්ශනයක්ද පැවැත්වෙනවා.
මහරහතන් වහන්සේගේ කතාව රැගත් ඩිජිටල් තොරණද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. මෙම ඩිජිටල් තොරණ නිර්මාණය කර ඇත්තේ ‘ මයි සයිට් අයි ටී සොලියුෂන්ස් ’ ආයතනය හා එක්වයි.