Sunday, December 22, 2024

General line - 0115112241

රජරට බල පෙරළියක් ?




උතුරුමැද පළාත් සභාවේ මන්තී‍්‍ර කණ්ඩායමක් මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡාවක නිරතව සිටිනවා. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදීයි. ඉකුත්දා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර කේ එච් නන්දසේන මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

උතුරුමැද පළාත් සභාව මන්තී‍්‍රවරුන් 33 දෙනෙකුගෙන් සමන්විත අතර මන්තී‍්‍රවරුන් 21 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනවා. ඉන් මන්තී‍්‍රවරුන් 18 දෙනෙකු ඒකාබද්ධ විපක්‍ෂයට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි ඔහු කියාසිටියේ.