2017 වසරට අදාළ ප්‍රකට ආගමන විගමන සහ ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයේ ශී‍්‍ර ලංකාවට 85 වන ස්ථානය හිමිව තිබෙනවා. එම දර්ශකයට අනුව රටවල් ශ්‍රේණිගත කර ඇත්තේ ස්ථාන 91 ක් සදහායි. ජර්මනිය සහ සිංගප්පූරුව එම දර්ශකයේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි රටවල් ලෙස දක්වා තිබෙනවා. එම රටවල විදේශ ගමන් බලපත්‍රයට වීසා බලපත්‍රය නොමැතිව ලෝකයේ රටවල් 159 ක සංචාරය කිරීමට අවසර හිමිව තිබෙනවා.
ශී‍්‍ර ලංකාවට වීසා බලපත්‍ර නොමැතිව සංචාරය කිරීමට අවසර ඇත්තේ රටවල් 37 කට පමණයි. මෙම දර්ශකයට අනුව ඉතියෝපියාව, නයිජීරියාව, මියන්මාරය සහ මාලදිවයින ශී‍්‍ර ලංකාවට වඩා ඉදිරියෙන් සිටීම කැපී පෙනෙනවා. ආගමන විගමන සහ ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයේ 84 වන ස්ථානයේ පසුවන ඉතියෝපියාවට විසා බලපත්‍ර නොමැතිව රටවල් 38 කට සංචාරය කිරීමේ අවසර හිමිව තිබෙනවා.
එම දර්ශකයේ 80 වන ස්ථානය හිමිව ඇති නයිජීරියාවට වීසා බලපත්‍ර නොමැතිව රටවල් 43 ක සංචාරය කිරීමට අවස්ථාව හිමිව ඇති බවයි එම ලේඛණයේ දැක්වෙන්නේ. එම සටහනේ 82 වන ස්ථානයේ පසුවන මියන්මාරයට වීසා බලපත්‍රය නොමැතිව රටවල් 41ක සංචාරය කිරීමට හැකි වනවා. එම දර්ශකයේ 53 වන ස්ථානයේ පසුවන මාලදිවයිනට වීසා බලපත්‍ර නොමැතිව රටවල් 74 ක සංචාරය කළ හැකියි.
සම්පූර්ණ විස්තරය බලන්න මෙතනින්