නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලූයම චීනය බලා පිටත්ව ගියා.
ඒ, චීනයේ බීජිං නුවර පැවැත්වෙන ‘එකම තීරයක් - එකම මාවතක්‘ මහා සමුළුවට සහභාගිවීම සදහායි.
අලූයම 1.10 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු සදහන් කළේ.
මෙම සමුළුවේදී ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවලට රටවල් 30 ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහභාගි වනවා.
මෙම සමුළුව සංවිධාන කෙරෙන්නේ චීන ජනාධිපති ෂි ජින් පිංගේ සංකල්පයක් අනුවයි.
අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.