Saturday, September 21, 2024

General line - 0115112241

රුහුණු මහා පොසොන් උත්සවය මෙවරත් නෙත් එෆ් එම් දායකත්වයෙන් තිස්සමහාරාමයේදී (PHOTOS)




ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරයේ රුහුණු මහා පොසොන් උත්සවය සහ පෙරහැර මංගල්‍යය මෙවරත් පැවැත්වෙනවා. 

නෙත් එෆ් එම් රේඩියෝවද ඒ සදහා එක්ව සිටිනවා. 

අදින් ආරම්භ වන මෙම වැඩසටහනේ සූදානම පිළිබද තිස්සමහාරාම සදගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කාන්දබඩ පත්තුවේ සහ හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන් මෙලෙස අදහස් දැක්වුවා.

 

ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරයේ රුහුණු මහා පොසොන් උත්සවය සහ පෙරහැර මංගල්‍යයේ කටයුතු ලබන ජූනි මස 08 වනදා පැවැත්වෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.