Saturday, September 21, 2024

General line - 0115112241

වෙසක් සමයේදී මත්පැන් අලෙවි කළ තැබෑරුම්වලට වැඩ වරදියි




ජාත්‍යන්තර වෙසක් සැමරුම හේතුවෙන් මත්පැන් අලෙවිය තහනම් කර තිබියදී එම නියෝග නොතකමින් මත්පැන් අලෙවි කළ තලාතුඔය ප‍්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් දෙකකට මුද්‍රා තබා තිබෙනවා.

ඒ ගම්පොල සුරාබදු කාර්යාලයේ නිළධාරීන් සිදු කළ වැටලීමකදීයි.

ජාත්‍යන්තර වෙසක් සැමරුම හේතුවෙන් අද (14) දිනය දක්වා මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක බලපත‍්‍ර සහිත මත්පැන් අලෙවිසැල්වල මත්පැන් අලෙවිය සිදු නොකරන ලෙසට දැනුම් දී තිබුණා.

එම දැනුම්දීම නොතකමින් අදාල මත්පැන් අලෙවිසැල්වලින් වැඩි මිළට මත්පැන් අලෙවි කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර තලාතුඔය ප‍්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවිකළ ස්ථාන දෙකක් ගම්පොල සුරාබදු කාර්යාල නිලධාරීන් විසින් ඊයේ (13) වටලා තිබෙනවා. එහිදී සැකකරුවන් තුන්දෙනෙකු සහ නිති විරෝධී මත්පැන් තොගයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගැණුනා.