Saturday, September 21, 2024

General line - 0115112241

වෙසක් සැමරුමට දිවයිනට පැමිණි විදේශ නියෝජිතයින් දුම්රියෙන් යයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 14 වැනි වෙසක් දින සැමරුම් උළලේ සමාප්ති උත්සවය මහනුවරදී අද (14) පැවැත්වෙනවා.

ඒ නේපාල ජනාධිපතිනි  බිද්‍යා දේවී බණ්දාරිගේ ප‍්‍රධානත්වයෙන්.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි විදේශීය නියෝජිතයින් අද පෙරවරු 7.30ට විශේෂ දුම්රියකින් කොළඹ සිට මහනුවර බලා ගමන් කිරීමට නියමිතයි.

මෙහිදී සම්භාවනීය අමුත්තන් සඳහා විශේෂිත දළදා දැක්මක් පැවැත්වීමට ද කටයුතු කර තිබෙනවා. ඊට සමගාමීව අද රාත්‍රි කාලයේ මහනුවර නගරයේ විශේෂිත පෙරහැරක්ද වීථි සංචාරය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වුණේ.