Saturday, September 21, 2024

General line - 0115112241

දේශීය ආදායම් බදු නිලධාරීන් වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් අරඹයි




දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරීන් වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ තනතුරු පිළිබද ගැටලුවක් මුල්කර ගනිමින්.

බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළද ඊට විසදුම් නොලැබුණු බවයි දේශීය අදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමයේ විධායක සාමාජික, සහකාර කොමසාරිස් අනුරාධ ජයශී‍්‍ර සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා සමග අද දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී ගැටලුවට විසදුමක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඔහු ප‍්‍රකාශ කළා.